Sunday, December 1, 2013

ද්වන්ද්ව සටන


2013 උඳුවප් මස 01 වනදා

"උඹලට රූල තියලවත් සරල රේඛාවක් ඇඳ ගන්න තමා බැරි. ඒ වුණාට කලිසමේ ෆ්ලීට් එකනම් තියනවා ආයෙ අත කැපෙන්න තරම් කෙළින් හිටින්න."

කමල් සර්ගේ ගෝරනාඩුව ඉදිරිපස සිටි සිසුවකුටය. එයට වස්තු බීජවූ හේතුව කුමක්දැයි නිසි ලෙස මා හට ග්‍රහණය කරගත නොහැකි වූයේ මගේ වම් පසින් අමුතු යමක් සිදුවෙමින් පවතින බව මා නිරීක්ෂණය කරමින් සිටි බැවිනි. එය කුමක් වුවත් හොඳක් නොවන බවනම් මාගේ සවන ඉන්ද්‍රිය මා වෙත දන්වා සිටියේය.

++++++

කමල් සර්ගේ පන්තිය ප්‍රදේශයේ අති ප්‍රසිද්ධ ගණිත පන්තියයි. "මම ඉගැන්වීමටම උපන්නෙමි"යි කියා පෝස්ටර් නොගැසූවද සැබවින්ම ඔහු ඉගැන්වීමටම උපන්නෙක් බව අප අතැඹුලක් සේ දැන සිටි කාරණයකි. අහෝ අවාසනාවක මහත ! ඔහු අප පාසලේ ගුරුවරයෙකු වුවද, පාසලේදී ඔහුගෙන් නිසි පරිදි දැනුම ලබා ගැනීමට තරම් අප වාසනාවන්ත නොවූහ. ඒ ඔහුගේ කුසලතාවයන් එළිදැක්වූයේ සල්ලි ඉදිරියේදී පමණක් වීම නිසයි. ඔහු පාසලේදී නිසි ලෙස උගන්වන්නකු නොවන බව මුළු පාසලම දන්නා ප්‍රසිද්ධ රහසකි. නුමුත්, හේ වනාහී ප්‍රදේශය පුරාම නම රැන්දූ අති දක්ෂ ගණිත ගුරුවරයාණෝමැයි. කොළඹ සුපිරි පාසල් වලට යන සිසුන් පවා ඔහු වෙත ගණිතය උගෙනීමට පැමිණීම මගින් ඔහුගේ හැකියාව, ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකිය. ඇති-හැකි, නැති-බැරි සෑම දෙමාපියෙකුම කෙසේ හෝ මුදලක් සරි කොටගෙන සිය දරුවාව ඔහුගේ ගණිත පන්තියට යොමු කරවීමට වග බලා ගත්තේ එබැවින්මයි. එය මාගේ දෙමාපියන්ටද පොදු වූවකි.

ඔහුගේ ගණිත පන්තිය පැවැත්වුණේ සිය නිවසේම ඉදිරි පස තනා ගත් ටකරන් සෙවිලි කළ විශාල මඩුවක් යටදීය. එය එකවර ළමුන් දෙසීයකට වැඩි පිරිසකට පමණ අසුන් ගැනීමේ පහසුකම් සහිත වූ මඩුවකි. බාල දැවයෙන් තැනූ එකවර ළමුන් දහ දෙනෙකුට පමණ වාඩිවිය හැකි දිග මේස හා දිග බංකු ගණනාවකින් එය සමන්විත වී තිබුණේය. බෙදා වෙන් කොට නොතිබුණද, වම් පස ගැහැණු ළමුන්ටත්, දකුණු පස පිරිමි ළමුන්ටත් ආදී වශයෙන් නිසගයෙන්ම භාවිතා විය. බිමට සිමෙන්ති දමා නොතිබූ එය තනිකරම වැලි සහිත විය. මඩුවෙයි හරි මැදින්ම වාගේ වහලය පලාගෙන අහසට නැගී සිටි දැවැන්ත පේර ගස දකින ඕනෑම කෙනෙකු මොහු පරිසරයට ඇලුම් කරන්නකු හෝ ගස් කැපීමට කැමැත්තක් නොදක්වන්නකුයයි සිතීමට යොමු වීම නොවැළවැක්විය හැකිය. වැට දිගෙහි වූ ලා රතු පැහැහි කොළ වලින් සැරසුණු අති අලංකාර නා ගස් පේළිය හා වත්තෙහි වූ නෙක නෙක වෘක්ෂලතාවන් විසින් එම කරුණ එසේමයයි සාක්ෂි දීමට ඕනෑම මොහොතක සැදී පැහැදී සිටියෝය.

සැබවින්ම ඔහුට ළමුන්ගේ ඒකාග්‍රතාවය රඳවා තබාගෙන එක දිගට රසවත්ව ඉගැන්වීම කරගෙන යා හැකි අමුතුම හැකියාවක් තිබුණි. එබැවින්ම බොහෝ විට සෑම පන්ති වාරයකදීම වාගේ මඩුව පිරෙන තරමටම ළමුන් සිටියහ. අතරින් පතර ඉගැන්වීම නවතා රසවත් කතා කීමද ඔහුගේ සිරිතයි. මා මුල් වරට මැක්කාගේ කතාව අසා දැනගත්තේද කමල් සර්ගෙන්මැයි. ඉගැන්වීම සිදුකෙරෙන අතර තුර පන්තියෙහි එකි නෙකා කතා කිරීම ඔහුව වියරු වට්ටවන්නකි. එය ගැහැණු ළමුන් ඉදිරියේ ප්‍රසිද්ධිය සායම යවා ගැනීමට සිදුවන භයානක වරදකි. එබැවින් ළමුන්, විශේෂයෙන්ම පිරිම පාසලකට ගිය අප එවැනි වරදක් වීමට කිසිසේත්ම ඉඩනොතැබීමට හැකි සෑම විටම වග බලා ගත්හ. ගැහැණු ළමුන් ඉදිරියෙහි සමච්චලයට ලක්වීම අපට නොහුරු අත්දැකීමකි.

දිනක් පාඩම කෙරීගෙන යන අතරතුර ළමයෙකුට ඉක්කාවක් ගියේය. ළමුන්ට පිටුපා බෝඩ් එකෙහි ගාණක් ලියා පැහැදිලි කරමින් සිටි කමල් සර් වහාම තමන් කරමින් සිටි කාර්‍යය නතර කොට පිටු පස නොබලාම "කවුද ඒ ?" යයි ඇසීය. ඉඳිකට්ටක් බිම වැටුණද ඇසෙනාකාරයේ නිශ්ශබ්දතාවයක් පැතිරිණි. ළමුන් දෙසට හැරුණු සර් "ඉක්කා ගහපු එකා නැගිටිනවා,"යි තදින් විධානය කළේය. රැවුලින් වැසුණ ඔහුගේ මුහුණ රකුසු වෙස් ගෙන තිබුණි. කෙනෙකුට පාලනය කරගත නොහැකි ඉක්කාවක් නිසා ඔහු එතරක් ප්‍රකෝප වූයේ මන්ද යන්න මා පෑන කටේ ගසමින් කල්පනා කළ අතර ඒ ඉක්කාව මට නොයාම ගැන දෙවියන්ට ස්තූති කළෙමි. අවසානයේදී විත්තිකරු සෙමින් සෙමින් නැගී සිටියේය.

"ඇයි තමුසෙ ඉක්කා ගැහුවෙ ?" කමල් සර්ගෙන් පැනයකි. අහෝ අර අසරණයාගේ කලිසම ගැලවී යාමට ඔන්න මෙන්නය. පන්තියේ වම්පස වූ කෙල්ලන් රැන කිචි බිචි ගාමින් ඔහුට සිනාසෙයි.

"නෑ සර් මම් සර්......."

" නෑ සර් .. මම් සර්.... ඉස්සෙල්ලම මැනර්ස් ඉගන ගන්නවා. තමුසෙ ආයෙ ඉක්කා ගැහුවොත් මම එළෝනවා පන්තියෙන්. ඒක දැනගන්නවා හරිද ?" කමල් සර් රකුස් මුහුණින්ම අසරණයාට සැර කළේය. "හ්ම් දැන් ඉඳ ගන්නවා." යි කියමින් නැවතත් බෝඩ් එක දෙසට හැරෙමින් අතර මග නැවැත්වූ ගාන සෑදීම ඇරබීය. තත්පර තිහක් පමණ එහි නිරත වූ ඔහු නැවත ළමුන් දෙසට හැරුණේ සිනා සෙමිනි. අර රකුසු මුහුණ කොහේ ගියාද ?

"ඔය ළමයගෙ ඉක්කාව දැන් හොඳයි නේද ? " ඇසුවේ එම ළමයා දෙස බලා සිනා සෙමිනි. විස්මයජනක ලෙස ඔහුගේ ඉක්කාව සුවවී තිබුණි.

"ඔව් සර් "

"බැන්නෙ තරහකට නෙමේ. ඕක තමා ඉක්කාවට නොවරදින බෙහෙත. තිගැස්මකින්, ක්ෂණික බය කිරීමකින් අවධානය වෙන අතකට ගන්න ඕනා. " සියලු දෙනාම මුහුණට මුහුණ බලා ගත්හ. ඒ කමල් සර්ය. ඔහුටම ආවේණික වූ ඔහුගේ ක්‍රම සහ විධිය.

++++++

ඉදිරි පස සිටි ළමයා සරල රේඛාවක් සම්බන්ධයෙන් සර්ගේ ගෝරනාඩුවට ලක්වෙමින් සිටි එම මොහොතේම මගේ වම් පස අසුන් ගෙන සිටි අප පාසලේම  "C" පන්තියේ සිසුවකු වූ රංග ක්‍රමක්‍රමයෙන් මා තෙරපමින් මා දෙසට එන බවක් මම නිරීක්ෂණය කරමින් සිටියෙමි. බොහෝ විට සිදුවන පරිදි මුලු බංකුවම පිරෙන තරමට ළමුන් අසුන් ගෙන සිටියහ. එබැවින් එකි නෙකා අතර පරතරය සීමිත විය. නමුත් සාමාන්‍යයෙන් සිදු වන්නේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව ඉඩ බෙදාගෙන ඉගෙනීමෙහි නිරත වීමයි. ඒ අනුව දකුණතින් ලියන්නකු වූ මා වමත බංකුව යටට ගෙන මාගේ දෙපා මත රඳවා තබාගෙන රංගට හැකිතරම් ඉඩ දුන්නේය. නමුත් මෙම තෙරපීමත් සමඟම එල්ලවූ රැවුම් ගෙරවුම් නිසා සාමාන්‍ය තෙරපීමකට වඩා යමක් සිදුවෙමින් පවතින බව මා හට අවබෝධ විය. රංගට එහායින් අසුන් ගෙන සිටි ගිය සතියේ මා අතින් පරාජයට ලක්වූ නාරදව දැකීම එම අවබෝධය තහවරු කෙළේය.

ගිය සතියේ පන්තිය අවසන්ව නිවෙස් බලා යන විට දැන් නිශ්චිතව මතක් කරගත නොහැකි හේතුවක් නිසා නාරද හා මා අතර ආරවුලක් හට ගත්තේය. අවසානයේදී ආරවුල් සමථයකට පත් කිරීම උදෙසා එවකට අප අනුගමනය කළ පිළිගත් ක්‍රම වේදය වූ ද්වන්ද්ව සටනකට යාම සඳහා නාරද විසින් මා හට අභියෝග කළේය. දෙදෙනෙකු අතර ආරවුලක් හට ගත් විට ද්වන්ද්ව සටනකට යාම එකල අප අතර බෙහෙවින්ම ජනප්‍රියව පැවතුණි. එවිට පිලිමලුන් දෙදෙනාගේ ආධාර කරුවන් විසින් වටවී ඇති කරනා ලබන කවයක් තුළ අදාළ දෙදෙනා සටනට යොමුවීම් සම්ප්‍රදායයි. අනතුරුදායක තත්වයකදී හැර අන් අය සටනට මැදිහත් නොවීම පිළිගත් රීතියයි. කොර්සිකානු සහෝදරයන් ද්වන්ද්ව සටන් මගින් ගැටලු නිරාකරණය කරගත් දහ නව වන සියවසේදී තරම්ම අප අපගේ නීතී රීති වලට ගරු කළහ. එකම වෙනස අප විසින් අවි ආයුධ භාවිතා නොකිරීම පමණයි. ආයුධ තෝරා ගැනීමේ නිදහසක් විසි වන සිය වසේ සිටි අපට නොවූහ. ස්වභාවධර්මයා විසින් ලබා දී තිබූ අත් පා සතර වරණයකින් තොරවම භාවිතා කිරීමට සිදුවී වී තිබුණි.

එවන් අභියෝගයක් එල්ල වූ විට එය මගහැර යාම බානසුල්ලකුගේ ක්‍රියාවකි. එය ළමුන් අතර බියගුල්ලෙකුයැයි කොන්වීමට ලක්වීමට සිදුවන කාරණයකි. සටනට ගොස් පැරදීම වෙනමම කාරණයකි. සටනකින් පැරදුණු කෙනා හට කිසි වෙකුත් බියගුල්ලෙකුයැයි චෝදනා නොකළේය. ශරීර ප්‍රමාණයෙන්ද මට වඩා පොඩි වූ මෙම ඇටයාගේ අභියෝගය පිළිගැනීමට මම දෙවරක් නොසිතීය. මාගේ කල්ලියට පණිවිඩය වාර්තා කෙරුණ සැණින් සටනට අවැසි ස්ථානය තීරණය කර ගත්හ. එය අප යමින් සිටි පාරෙහිම පිහිටි එක් තරා ඉඩ සහිත ස්ථානයක් විය.

සම්ප්‍රදයානූකූලව පිහිටවූ කවය තුළ සටන ඇරඹිණි. අප පන්තියේම සගයකුවූ නුවන් විසින් අප වෙත හඳුන්වා දුන්, ඔහු විසින් නිතර පරිහරණයක කර ජය ලද්දා වූද ප්‍රතිමල්ලවයාගේ ගෙල වටා සුරත යවා එය අනෙක් අතින් ඇද සිර කිරීම තුළින් ඇති කරනු ලබන ග්‍රහණයෙන් ප්‍රතිමල්ලවයාව අඩපණ කරවීමේ ශිල්ප ක්‍රමය මමද යම්තාක් දුරකට ප්‍රගුණ කොට සාර්ථක ප්‍රතිඵල ලබා සිටියේය. දැන් මාගේ එකම උත්සහය නාරදවද එම ග්‍රහණයට ගෙන අඩපණ කිරීමයි. එයට නිසි අවස්ථාව එනතෙක් කල්මරමින්, එහෙට මෙහෙට පනිමින් ඔහුගේ පහරවල් වැළැක්වීමට මම සමත් වීමි. ඔහු මට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා වීම හා මගේ අතපය සාපේක්ෂව දිගින් යුක්තවීම යන කාරණය මෙහෙදී මගේ වාසියට සිටියේය. වරක් ඔහු එල්ල කළ පහරක් වැළැක්වූ විට මා බලා සිටි අවස්ථාව උදා වූයේ එම පහර එල්ල කිරීමට ඔහු හට මා වෙත වඩාත් සමීප වීමට සිදුවූ බැවිනි. වමතින් ඔහුගේ ප්‍රහාරය ඉවතට යොමුකළ මා වහා පැන ඔහුගේ ගෙල වටා අත යවා වමතින් මගේ දකුණත කිටි කිටියේ තද කරමින් පහතට නැමුවේය. අති සාර්ථකය ! ප්‍රතිමල්ලවයා කිසිවක් කර කියා ගත නොහැකිව අත් පා ගසමින් දගලමින් සිටියේය. අවසානයේ තමා පරාජය වූ බව ඔහු විසින් පිළිගැනීමත් සමඟම ග්‍රහණය බුරුල් කොට නිදහස් කළේය. මා නැගී සිටියේ ජයග්‍රහාකයෙකු ලෙසය. මා හට මා මිතුරන්ගේ ප්‍රිති ප්‍රශංසා හිමි වන විට නාරද ඇතුළු කණ්ඩායම එතනින් ඉවත්ව ගියහ. එය එතනින් අවසන්යැයි මම සිතුවෙමි. එහෙත් එය එසේමද ?

හදිසියේම රංගගේ දකුණු දණ හිසින්, මාගේ වම් දණ හිසට කකුල පද්ධවා එල්ල කරනු ලබන දරුණු පහරක් එල්ල විය. මා ඔහු දෙස බලන විට ඔහු මා වෙත රවාගෙන සිටියේය. "මොකද ?" කියා ඇසිය යුතුව තිබූ නමුත් මා එසේ නොඇසුවේ සර් දුටුවහොත් ඇතිවිය හැකිව තිබූ දරුණු තත්ත්වය සිහි කිරීමෙනි. කෙල්ලන් රොත්තක් ඉදිරියේ ප්‍රසිද්ධියේ නිරුවත් වීමට මාහට උවමනාවක් නොතිබුණි. අවසානයේදී සුපුරුදු පරිදි සර් විසින් ගාණක් සෑදීමට දී "තේ එකක් බීලා එන්නම්" යැයි කියමින් සිය නිවස තුළට ගියේය.

"තමුසෙ හරි චණ්ඩියෙක්ලු නේද ? " රංග මගෙන් ඇසීය. ඒ වන විට ලද ජයග්‍රහණය හේතුකොටගෙන මාගේ හිසද යම්තාක් දුරකට මානයෙන් පිරී තිබුණි. ඕනෑම කෙනෙකු ජයගත හැකියයි යන විශ්වාසයද ඇතිවී තිබුණි. රංග යනු ශරීර ප්‍රමාණයෙන් මා හට වඩා උස මහතින් යුතු අයෙක් වීය. සටනක් ඇති වුවහොත් ඔහුට වාසිදායක තත්ත්වයක් ඇතිවීමේ ඉඩ ප්‍රස්ථා බහුල විය. නමුත් මානය හා ආත්ම විශ්වාසය ඊට ඉහළින් සිටියේය.

"මගෙ චණ්ඩි කමෙන් උඹට වැඩක් නෑනෙ. ඇයි ප්‍රශ්නයක්ද ? " යි මමද පෙරළා ඇසුවේ එබැවිනි. ඒ වන විට සැලසුම් සහගත යමක් සිදුවෙමින් පවතින බව මා හට අවබෝධ වෙමින් තිබුණි. මොන දේ වුණත් එයට මුහුණ දීමට මම සිත දැඩි කොටගෙන සිටියෙමි.

"හා එහෙමද ? එහෙනම් එනවකො බලන්න මාත් එක්ක ගහ ගන්න. ඔච්චර චණ්ඩියෙක්නම්." නැවතත් අභියෝගයකි. කිසිසේත්ම පලායා නොහැකි අභියෝගයකි. මෙය කලින් නාරද හා ඇතිවූ සටනේම දිගුවක් බව මාහට පසක් විය.

"මූ ගේම ඉල්ලනවා." මම දකුණු පසින් වාඩිවී සිටි මගේ මිතුරාට කනට කොට කීවෙමි. ඔහුගේ පිළිතුර මා බලාපොරොත්තු වූවම මිස වෙන දෙයක් නොවුණි.

"හරි මම ලෑස්තියි. කවදද ? කොහෙද?" මම අභියෝගය භාරගතිමි. 

"හරි ක්ලාස් ඉවර වෙලා යද්දි. අතන හිස් වත්තෙදි හම්බෙමු."

එයින් පසු අප එකි නෙකාට රවමින් සිටියා මිස සැලකිය යුතු තරම් දෙයක් සිදු නොවීය. මෙම සටන ජයගත හැකි වේද යන අවිනිශ්චිත තාවයම මාගේ හදවතෙහි ගැස්ම වැඩි කරනු ලැබීය. විටෙක සටනින් පලා යාමටද නොසිතුණා නොවේ. එසේ කළහොත් ඇතිවන ලජ්ජාව සිහි කිරීමටත් අපහසුදායක එකකි. එය, පසු ගිය සතියේ ලද ජයග්‍රහණයේ අභිමානය මඩෙහි දමන්නකි. එයින් පසු සර් විසින් ඉගැන්වූ කිසි දෙයක් මාගේ කන් පෙති වලින් ඇතුළට නොගිය බවනම් සහතිකය. ඒවා කන් පෙති ස්පර්ශ කරමින් ඉවත ගසාගෙන ගියේය. වාසනාවකට මෙන් ඔහු මාගෙන් කිසිඳු ප්‍රශ්නයක් නෑසීය. එසේ වූවානම් සටනට පෙරම ප්‍රසිද්ධියේ කලිසම ගැලවීම වැළැක්වීමට සක්කරයාගේ පුතා වයිමටවත් නොහැකි වනු ඇත. 

අවසානයේදී පන්තිය නිමා විය. එකඟ වූ පරිදි මම මාගේ මිතුරන් සමඟම අදාළ ස්ථානයට වාර්තා කළෙමි. රංග හා නාරදද ඔවුන්ගේ මිතුරන් සමඟ එතනට පැමිණියහ. එය කමල් සර්ගේ නිවසේ සිට නිවෙස් දෙකක් එහායින් වූ හිස් වත්තකි. පොත් පත් පොල් ගසක් යට තබා සටනට සූදානම් වූහ. එදා නාරද හා සටනේදී නොවූ අවිනිශ්චිතතාවයකින් මාගේ සිත පෙළුණි. එය රංගගේ ශරීර ප්‍රමාණය හේතුකොටගෙන ඇතිවූවක්යැයි උපකල්පනය කළ මා, බිය නොවීමට සිත දැඩි කොට ගතිමි. අරමුණ වූයේ ඔහුවද සුපුරුදු ග්‍රහණයෙන් මෙල්ල කර ගැනීමයි.

සටන ඇරඹුණි. ඔහු විසින් කරාටේ ක්‍රීඩකයකුගේ ඉරියව් ප්‍රදර්ශනය කරමින් සටනට එළබුණි. වැඩේ වැරදී ඇති බව මා හට තේරුම් යන විට පෙරහැර ගොස් අවසානය. දැන් ආපසු හැරිය නොහැකිය. වන්නක් වේවායි සිතා හැකි අයුරින් මුහුණ දීමට නැවතත් හිත ශක්තිමත් කරගැනීම. මා විසින් එල්ල කළ පහරක් ඉතා පහසුවෙන් මග හැරගිය ඔහු තරු විසි වන ආකාරයේ දරුණු පහරක් මාගේ කම්මුල හරහා එල්ල කළේය. සටනකදී පහර කෑ තැනැත්තා දකිනවායැයි උපකල්පනය කරමින් චිත්‍රකතා කරුවන් විසින් ඔළුවට උඩින් අදිනු ලබන තරු, කොම්බු, කුරුල්ලන් සියල්ල ප්‍රථම වරට මමද එදා දුටිමි. ඒ සමඟම යක්ෂයා මාගේ ඔළුවට ආරූඪ විය. මරු විකල් වූවකු ලෙසින් රංග වෙත කඩා පිනූ මම ඔහුගේ ගෙල වට අත යවා ඔහුවද සුපුරුදු ග්‍රහණයට අර ගත්තෙමි. නුමුත් අමුත්තක් සිදු විය. මින් පෙර මාගේ මේ ග්‍රහණයට හසුවූ කිසිවකුටත් එයින් ලෙහෙසියෙන් නිදහස් වීමට නොහැකි විය. එහෙත් අද සියල්ල නොපිටට සිදු වෙමින් තිබේ. ඉතා පහසුවෙන් මාගේ දකුණු මැණික් කටුවෙන් අල්ලා එම ග්‍රහණයෙන් නිදහස් වූ රංග, එසේ කරමින්ම මාගේ දකුණත පිටු පසට කර කැවීය. කිසිවක් කර කියා ගත නොහැකිව මා අසරණ විය. එවිටම මාගේ හකුපාඩා දෙකට යටින් සිය වමත තැබූ ඔහු විසින් ලෙහෙසියෙන්ම මාගේ උගුර තද වන ලෙස මාව උඩට එසවීය. මාගේ දෑස් නිලංකාර වනවාක් මෙන් දැනුණි. හුස්ම ගැනීමට අපහසු විය. තරු, කුරුල්ලන් හා කොම්බු රංචු වශයෙන් අහසේ පාවෙන විට මා ඔහුගේ ග්‍රහණයෙන් ගැලවීමට දගලමින් සිටියේය. හදිසියේම අප අතරට පැන්න නුවන් විසින් රංගගේ අත ඇද දමා මා බේරා නොගන්නට එය දරුණු ප්‍රතිඵලයකින් අවසන් විය හැකිව තිබූ සටනක් විය. ඒ සමඟම සටන ගැන දැනගත් කමල් සර් එම ස්ථානයට පැමිණෙනවායි යන ආරංචියට, පොලිසියෙන් එන විට විසිර යන්න බූරු ගසන්නන් පිරිසක් මෙන් අප සියල්ල වහ වහා එතනින් ඉවත් වූහ.

ප්‍රධාන පාරට පැමිණි පසුද මාගේ ගෙල ආශ්‍රිත ප්‍රදේශය වේදනා දෙමින් තිබුණි. කහිමින් හා උගුර අතගාමින් වේදනාව සමනය කර ගැනීමට දගලමින් සිටින විට නුවන් පැවසූයේ " ඇයි බන් ඌත් එක්ක ගහ ගන්න ගියේ ? ඕකා කරාටි බෙල්ට් කාරයෙක්. මම හිටියනම් උඹට කීයටවත් ඕකට යන්න දෙන්නැ." යන්නයි. නුවන් හට මේ ගැන් දැන්වූවේවත්, සටන පටන් ගන්නා විට ඔහු නොසිටි බවත් මාහට සිහි වූයේ එවිටයි.

"කවුද බන් දන්නෙ ? ඒත් ඉතින් ඌ මොකා වුණත් චැලෙන්ජ් කරාම නොගිහින් බෑනෙ."

'ඌ ඔය ගත්තෙ නාරදයට ගහපු වාඩුව. ඌට ඒකට කේන්ති ගිහිල්ලලු හිටියෙ. එදා මිනිහා හිටියෙත් නෑනෙ."

අවසානයේදී ජීවිතයට මතක හිටින පාඩමක් ඉතුරු කරමින් එම ගැටලුව සමථයකට පත්විය. " සටනට යාමට පෙර සතුරා පිළිබඳව හොඳින් දැනුවත් වන්න" එම සිද්ධියෙන් පසු ජීවිතයේ කවර ගැටුමකදී ඌවත් මා අනුගමනය කරනා ප්‍රතිපත්තියකි.

ඉන් බොහෝ කලකට පසු හා මින් බොහෝ කලකට පෙර මෙම පිලිමලුන් දෙදෙනා නැවත මුණ ගැසුණි.

"අඩේ සෙන්නා උඹව දැකපු කල් මචන්. උඹට මාව මතකද ?" යි දිනක් අහම්බෙන් හමුවූ රංග මාගෙන් ඇසීය.

"හම්මෝ දැකපු කල්. මොකෝ බන් අමතක. ඉතින් දැන් මොනවද කරන්නෙ ?" ආගිය කතා වාරයකින් පසු " උඹට මතකද අපි දෙන්නා ගහ ගත්තා" යැයි ඔහු ඇසුවේ හිනා වෙමිනි.

"මොකද බන් අමතක. තව පොඩ්ඩෙන් එදා මැරෙනවා." මමත් පිළිවදන් දුන්නේ සිනා සෙමිනි.

"අපිට පිස්සු නේද බන් ඒ කාලේ? "

ඒ පිස්සු කාලය අදටත් සිහිකර රස විඳිය හැකි දෑ ඉතුරු කොට තිබීම ගැන මම තවමත් සතුටු වෙමි. 

පසු සටහන.
1. නම් ගම් මනඃකල්පිතය.
2. ඕගොල්ලොත් ඔය වගේ ජීවිතේට අමතක වෙන්නැති පාඩම් ඉගෙනගන තියනවානම් ලියලා යන්නකො. 

ලියුවේ :
~~සෙන්නා / 01.12.2013

79 comments:

  1. මේ වගේ ගණිත ගුරුවරයෙක් අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා :) කොල්ලෝ ඉතින් මෝඩකමට ගහ ගන්නෙ ම වැඩකට නැති හේතුවලටනේ. කල් යනකොට තමයි තේරෙන්නේ. හැබැයි, ඉතින් ඒ වගේ මතකයක් නැත්තං ජීවිතෙන් වැඩකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ධාරා එහෙනම් අපේ ගෙවල් පැත්තෙද දන්නෙත් නෑ ඉන්නෙ.. අපොයි ඔව්, ඒක හරි.

      Delete
  2. මම ඒ කාලේ අනිත් අයට සාපේක්ෂව බොහොම පොඩියි. මේ වගේ සටනක් එක පාරක අපේ ග්‍රවුන්ඩ් එකේදී වුණා. ග්‍රවුන්ඩ් එකේ තිබුණ ඉස්කෝලේ හෝල් එකට දෙන්න ගියා ගහගන්න. එක්කෙනක් හාල් මැස්සෙක් වගේ, අනිකා යෝධයෙක් වගේ. හාල් මැස්සා නීති උල්ලංඝණය කරමින් පුටු කකුලකින් යෝධයාට පහර දීලා. මුණේ තැලුම් පහරක් නිසයි අපි දැන ගත්තේ. සෙන්නා හරි චන්ඩියෙක්නේ බලාගෙන යනකොට. ආපහු ලියන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. අපොයි සුධීක මම ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. මම චණ්ඩියෙක් නෙමේ. ඔය කාලෙන් කාලෙට එන එක එක පිස්සුනෙ. අනික මේක මග හැරලා යන්නම බැරි වෙච්ච එකක්.

      ලියන්නනම් ඕනා. ඒත් වෙලාව තමා පරහකට තියෙන්නෙ. මෙහෙම හරි ඉඳලා හිටලා ලියවෙයි.

      Delete
  3. මම පාසල් කාලයේ වගේම අදත් කලහකාරී චරිතයක් නෙමෙයි...ඒත් මගේ ආත්ම ගෞරවය කෙලෙසන තැනකට වැඩේ ආවම....විශේෂයෙන් මගේ දෙමාපියන් මතක් කරලා කවුරු හරි මට අවමන් කලොත් මට ඒකා මහරජා උනත් ලොකු නෑ...ගහන එක ගහනවාමයි...මගේ හොදම යාලුවෙකුටත් මම ඔහොම අවස්ථාවක පහරක් ගැහුවා පාසලේදී...නමුත් එදා ඔහු මට පහර දුන්නෙ නෑ...මගෙන් සමාව ගත්තා කටෙන් පිටවුන වචනයට...

    පස්සෙ කාලෙක උසස් පෙළ කරද්දි යාලුවෙකුගෙ ප්‍රශ්නයට මම හිතවත් කමට මැදිහත් වෙලා විරුද්ධ පිලේ සියල්ලම මා එක්ක ගණුදෙනුව බේරගන්න තැනට වැඩේ දුරදිග ගියා...එදා මගේ යාලුවා මගේ ගැන බලන්නෙ නැතුව..උගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියා...පන්ති යන වෙලාවක ගම්පහ ටවුම මැද්දෙ මට ගහනවා කියලා අභියෝග කරලා තිබුනත්...මම භය නැතුව පන්ති ගියා...මම අදටත් ඒ ගහනවා කියපු එකාව දැකලා නෑ...මට රිටර්න් එකක් ආවෙත් නෑ. නමුත් එක දෙයක් හොදින් ඉගෙන ගත්තා...අනුන්ගේ ප්‍රශ්න උන්ටම විසදගැනීමට ඉඩදීම ඉතා යහපත් කියලා...

    ReplyDelete
    Replies
    1. මමත් බොහෝ වෙලාවට එමම තමා සිරා. අනුන්ගෙ සීනි කිරන්න ගියොත්නම් පාඩුම තමා වෙන්නෙ.

      Delete
  4. කොර්සිකානු සහෝදරයෝ කියන්නේ මමත් ආසම පොතක්. දෙයියනේ කියලා අපි නම් වැලි වලට යන්නේ නැහැ. අගේ හැටියට ඉන්න එපාය.

    ReplyDelete
    Replies
    1. කොර්සිකානු සහෝදරයෝ අපූරු පොතක් තමා පූමා. මමත් එහෙම තමා ඉතින්. ඒත් ගේමම ඉල්ලනවනම් නොගිහින් බෑනෙ. එතකොට තත්ත්වෙට හරි මදි.. :D

      Delete
  5. පාසල් සමයේදී හතරපස් වතාවක්වත් ගහගත්තේ නැති ගුටි කෑවේ නැති කොල්ලා නිකම්ම නිකම් සෙවලයෙක්. මමත් ගහගෙන ජය ගැනීම සහ හොඳටම ගුටිකෑම කියන දෙකම කරලා තියනවා. මා ඉගෙනගත් කෑගලු විද්‍යාලයේ ජයතිලක ශාලාවට පහලින් එකල තිබුණු විවෘත භූමියේ අඹගහ යට තමයි මේ සටන් පැවතුනේ. මූණ ඉදිමිලා ලේ පෙරාගෙන ගෙදර ගිය අවස්ථාත් මට අදවගේ මතකයි. ඒ වගේම ඔබේ ඒ යාලු හතුරා වගේ මගෙත් යාලු හතුරන් පසුකාලයේදී හදවතින්ම මිතුරන්වූ බව කියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මමත් වැඩිය වලි වලට ගිය පොරක්නම් නෙමේ. මේක සහ තවත් එක දෙකක් ඇති. ඕවා මතක තියන් තරහා පිරිමහන්න නෙමේ දේවල් නෙමේනෙ. කොලු කමට කරන දේවල්නෙ.

      Delete
  6. :D මාත් කෑගලු විද්‍යාලෙට තමයි ගියෙ. ඉස්කෝලෙදි කොචර ගහගතද කියනවනම් මට ඉස්කෝලෙන් A/L ලියන්න දුන්නෙත් නෑ. හැබැයි මන් කැම්පසුත් ගියා. ඒ උනත් මන් ඉස්කෝලෙට ආදරෙයි

    ReplyDelete
    Replies
    1. මම 93-2006 ඉපදුනෙත් 87 :D ඔයාගෙ නම එදිනාදූර?

      Delete
    2. ගහට ගහක් කුරුන්දෙදි හම්බෙලා.. :D

      Delete
  7. ඒ කාලෙ ගහගත්තුවා. හැබැයි ඇස් කන් නාස් බොහොම නූලෙන් බේරුනේ කියලා මතක් වෙද්දිත් බයයි බයයි වගේ. ඒ කාලෙ එහෙම හිතුනෙ නෑනෙ.

    //කමල් සර්ගේ ගෝරනාඩුව ඉදිරිපස සිටි සිසුවකුටය.// මේක දැක්කම මට මතක් උනේ ඉස්සර රචනාවක් හරි කතන්දරයක් හරි ලියද්දි චරිතවලට නම් දෙන්න විඳපු දුක. කමල්, නිමල්, සුනිල් වගේ නම් විතරයි මතක් වෙන්නෙම..

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ගොඩක් දේවල් හිතුවෙ කරලා ඉවර වෙලානෙ හරී.

      මේ දාලා තියන නම් ඔක්කොම නම් ඇත්ත නමට ලඟින් යන ඒවා, අකුරක් දෙකක් එහෙ මෙහෙ කරල විතරයි., රංගගෙ නම හැර. උගෙ නමට ලඟින් යන එකක් මතක් වුනෙම නෑ.

      Delete
  8. ගහගෙනත් තියෙනව ගුටි කාලත් තියෙනව,ගණන් ක්ලාස් ගිය කාලෙ මතක් වුණා.සෙන්න දැන් ලියන්නෙ බොහොම කලාතුරකින් නොවැ.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම අත්දැකීම තියන එක හොඳයි නේද හැලපෙ. ඒකනෙ, ලියන්ඩ වෙලාවක් හොයාගන්නෙ හරිම අමාරුවෙන්. හැලපෙගෙ අලුත් පෝස්ට් එක කියවන්ඩත් තියනවා.

      Delete
  9. අප්පා.. අපෙත් වැඩේ ගේම කෝල් කරන එක තමයි! එක සැරයක් 9 වසරේදීද කොහෙද අල්ලපු ඉස්කෝලේ එකෙක්ට ගේම කෝල් කරලා ඌ ඇවිත් "මේකා මට ගහන්න පොඩි වැඩියි බං" කියල මඟ ඇරලා ගියා!

    ReplyDelete
    Replies
    1. ගුටි කෑවනම් හොඳයි කියලා හිතෙන්න ඇති නේද ? :D

      Delete
  10. හොඳට ගුටි කාලා ඇඟ පුරුදු වුනාම වලි වලට යන්න තියෙන බය නිකම්ම අඩු වෙනවා .. මට ඒක වාසියකට හිටියා ..ඉස්කෝලේ යන කාලේ දවස ගානේ කා එක්ක හරි වලියක් දාගැනීම මගෙත් පුරුද්දක් වෙලා තිබ්බා .. බොහෝ විට ඒ වලි ජයපරාජයෙන් තොර එවුවා වුණා .. දෙන්නාගෙම කමිස වල බොත්තම් කැඩීම විතරයි වුණේ ..

    ReplyDelete
    Replies
    1. සඳරුවා බොහොම කාලෙකින් මේ පැත්තෙ. සන්තෝශයි ආපු එක ගැන. උඹ ගැන ඉතින් අපි නොදන්නවැයි බන්.. පොඩි කාලෙ හුඟක් වලි වලට දඩුවම් වින්දෙ අහින්සක බොත්තම්ම තමා.. :D

      Delete
  11. චන්ඩි සෙන්නා
    මගේ මිතුරෙක් මිය ගියා ඔය වගේ අවාසනාවන්ත ගැටුමක් නිසා මචං.
    පොඩි උන් දෙන්නෙක් අතර වෙච්ච ගුටි කෙලිය ඔවුන්ගේ වැඩිමල් සහෝදරයින් දක්වා ගිහින්..දවසක් පැවති සංගීත සංදර්ශනයකදී එක් සහෝදරයෙක් නර්තනයේ යෙදෙමින් සිටි පිරිසේ කකුල් අතරින් ග්‍රෙනේඩ් අත් බෝම්බයක් විසිකර තිබුනා..කකුල් වලට එහා මෙහා උන බෝම්බය පිපුරුනේ අහිංසකම අහිංසක කිසිම සම්බන්ධයක් නැති මගේ මිතුරකුගේ දෙපා මුල !!! ආයෙ කියන්න ඕන නෑනෙ..
    දැං කස්ටිය කරන්නෙ ගෙදර ගිහින් fb එකේ ගේම ඉල්ලපු එකාට බැනල ස්ටෙටස් දාන එකනෙ . ඒකත් හොඳයි බං බලං ගියාම ගුටි කනවට වඩා :-):-)

    ReplyDelete
    Replies
    1. දැනට කාලෙකට ඉහත කුරුණෑගල වෙච්චි සිද්ධියද

      Delete
    2. කුරුණෑගලදී ශ්‍රී එෆ් එම් නාලිකාව සංවිධානය කල සංගීත සැඳෑවේ ගැටුම නෙවෙයි සර් .. මෙය සිදු වුනේ උතුරු මැද පලාතේ..එම කාල වකවානුවේම තමයි..
      බොහොමයක් අය පරන කෝන්තර පිරිමහන්නත් එනවනෙ ඔවැනි තැන් වලට.

      Delete
    3. ඔය වගේ පොඩි දෙයකට කොහොමද බන් ඒ වගේ විනාශකාරී දෙයක් කරන්නෙ ? අනිත් එක ඒකෙන් කොහෙවත් ඉන්න වෙන කෙනෙක්ට අනතුරක් වෙන්න පුළුවන් බව දැන දැනම. හිතාගන්නත් බෑ..

      දැන්නම් හුඟක් ඉන්නෙ කී බෝර්ඩ් වීරයො තමා..

      Delete
    4. ඉස්සර අපේ ගෙවල් පැත්තෙත් මියුසිකල් ෂෝ එකක් නං මාමයිට් ඩප්පියක් හරි ෂුවර්... මොකෙක් හරි මැරිලා තමයි ඉවර වෙන්නෙ.. අඩුම ගානේ කඩ දෙකක්වත් කුඩු වෙනව... එකපාරක් දෙන්නෙක් ෂෝ එක ඉවර වෙලා බයිසිකලේ යද්දි ලයිට් කණුවක හැපිලා මළා.. බීලා තිබ්බ තරමට ගේ ළඟ තිබ්බ වංගුව පෙනිලා නෑ.... දැං නං ටිකක් විතර හොඳයි...

      Delete
  12. මමත් සෑහෙන ගුටිම කාලා අඩපු චරිතයක් බැරිම තැන,අතට අහු වෙන දේකින් ගහලා පැනලා දුවන්න තීරනය කලා,,,ඒකෙන් සෑහෙන ප්‍රතිපල ලැබිලා තියනවා,,,දෙන්නෙක්ගේ ඔලු පලලම

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ ක්‍රමයක් තමා නේද බන්. හැමදාම තැලෙන මිනිහටත් මොකක් හරි ක්‍රමයක් තියෙන්න එපැයි..

      Delete
  13. ද්වන්ද සටන් තව හොදයි අයියේ.. මට එක පාරක් හය දෙනෙක් එකතු වෙලා ගැහුවේ.. ආයේ ඉතින් කියන්න ඕන නෑනේ ඒ ගැන.. ඒක මම ලිවුවේ නෑ මට මතක හැටියට.. ලියන්නම් වෙලාවක..

    ReplyDelete
    Replies
    1. හයදෙනෙක් ගහලත් ඔය යහතින් ඉන්නෙ. උඹනම් හල්ක් වගේ පොරක් වෙන්න ඕනා.. :D ඒ කතාවත් කියමුකො අපිට එහෙනම්.

      Delete
  14. පාසල් කාලේ ගෝරි කියල වැඩක් නැත.නාස් පොලු කඩාගෙන,තොල් පලාගත්ත ඒවා මතක් වුනා.
    විචාරක තුමා කියල තියන මුල්ම චේදය තමා සත්‍ය.
    ඔබේ ලියවිල්ලෙ සටන කරන ඉරියව් පැහැදිලි කර තිබෙන අයුරු ඉතාමත් කදිමයි.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි, මතක් වුනානම් ඊට පස්සෙ කරන්න ඕනා හරිය දන්නවනෙ ? :D

      බොහොම ස්තූතියි අගය කළාට. පුළුවන් තරම් තාත්විකව දෙන්න උත්සහා කළා. සටනක් හිතෙන් මවාගෙන ඒවා ලිව්වෙ. ටිකක් හරි සාර්තකනම් සතුටුයි.

      Delete
  15. ඔය සර්ල ගැන කතාකරද්දි මට මතක් උනේ ටෙක් ශ්‍රී ලංකා එකේදි අපිට උගන්නන්න හිටිය සර්ට දවසක් මල පැනල එක වචනයක් කතාකරන්නෙ නැතුව බෝඩ් එකේ ලියල විතරක් උගන්නපු එක. හැබැයි මිනිහ ඊට පස්සෙ දවසෙ ඒ ඔක්කොම හොඳට ‍තේරුම් කරල දුන්න.

    ඔය කාලෙ තිබ්බ වලි ගැනනං කතා කරල වැඩක් නෑ. හැබැයි ඉති දැං වගේ ඒවට දෙමව්පියො සම්බන්ධ වෙන්නෙ නැති එකනං ලොකු දෙයක්. නැත්තං මිනී මැරුමකින් තමයි කෙලවර වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අඩේ මිනිහා මාර පොරක්නෙ.... එහෙමත් උගන්වන්න පුළුවන්ද ?

      ඉස්සර දෙමව්පියො ළමයින්ගෙ හැමදේකටම රෙද්ද උස්සන් ඉස්ස්කෝලෙට ගියෙ නෑ තමා. දැන් මේ වගේ වලියක් ගියොත් පොලීසි ගානෙත් ගිහින් තමා නතර වෙන්න වෙන්නෙ.

      Delete
  16. Replies
    1. මමත් ඔහොම ජීවිතේට අමතක නොවෙනපාඩමක් ඉගෙනගත්තා. මට හොඳටම සරීර සක්තියෙන් යටත් කරගන්න පුළුවන් ඒ කොල්ලා පැත්තට පැනලා මගෙ පාර වලක්වලා මාව ඩෙස්ක්පේලියක් උඩ දිගාකලානෙ එක පාරක්වත් නොගහ.. නියමයි නේද ? ඊට පස්සෙ ඌම මාව නැගිට්ටව්වා. කොල නෑ..

      Delete
    2. ඒ කොහොමද එක පහරක්වත් නොගහා එහෙම කළේ.. මිනිහා මැජික් කාරයෙක් වෙන්නෝනැ එහෙනම්. "කොල නෑ" කියන එකනම් මට අලුත්ම යෙදුමක්. ඔය දැක්කමයි. මොකක්ද තේරුම ?

      Delete
  17. මගේ හොඳම මිතුරෙකුට ගහලා.. ඌව වැටෙන්න යනකොට අල්ලගෙන... ඌත් එක්කගෙන කැන්ටිමට ගිහින් කාලා... පන්තියට එනකොට කස්ටිය හොල්මන් වෙලා බලාගෙන හිටියා...

    උඹ බ්ලොගයක් ලියනවා කියලා දැනගෙන හිටියේ නැද්ද මන්දා....

    ReplyDelete
    Replies
    1. ඒක මරු ගහගැනිල්ලා. හැබැයි එහෙම තමා වෙන්න ඕනා. වෛරය හිතේ තියන් ඉන්න හොඳ නෑ.. ලේ අපිරිසිදු වෙනවා.. හදවත ලෙඩ වෙනවා..

      තිසරව මමත් පළවෙනි පාරටද කොහෙද මේ පැත්තෙදි දකින්නෙ. මම බ්ලොග් ලියන්න අරන් හෙටට අවුරුදු දෙකක් වෙනවා.. ඒත් ලියලා තියන ලිපි ගාන බලහන්කො.. ලැජ්ජයි.

      Delete
    2. හරි වචනේ "ද්වන්ද" මම හිතන්නේ... උඹ ඔය හොඳයි... මට 13 නපුරු වෙලා, දැන් අවුරුද්දකුත් ඉවරයි. අනුන්ගේ බ්ලොග් බලන්නයි කොමෙන්ට් කරන්නයි ඉතින් කවුරු හරි ඉන්න එපැයි...

      Delete
    3. ස්තුතියි තිසර. මම මුලින්ම දැම්මෙ ද්වන්ද කියලා. ඒත් ඉට පස්සෙ මම දැක්කා ටී වී එක ගිය ඉරිදා පත්තරයක් ඇඩ් එකක පත්තරේ යන පුවතක හෙඩිමක් පෙන්නුවා, ඒකෙ තිබුනෙ ද්වන්ධ කියලා. මම ඉතින් පත්තර කතෘට වරදින්න විදිහක් නෑනෙ කියලා ද්වන්ධ කළා. ගූගල් කළාම දෙකම පෙන්වනවා..

      පටන් ගත්තු එකේ මොනා හරි ලිව්වනම් හොඳයි නේද ? ලියන අයටම කියවලා කමෙන්ට් කරන්නත් බැරියෑ.. :D

      Delete
    4. තිසර, මම හිතන්නෙ පල්ලෙහා ඩූඩෙ ලියලා තියන එක තමා හරි. "ද්වන්ද්ව". ඔන්න මම එහෙම හැදුවා..

      Delete
    5. යෑස්... ඩූඩා ලිව්ව නම් හරි.... ද්වන්ධ වැරදි බව තේරුණාට ද්වන්ද කියලා ලිව්වහමත් නිකං මොකද්ද වගේ දැනුණා. ද්වන්ද්ව තමයි හරි... දැක්කහම තේරුණා.

      Delete
    6. එතකොට බන් ලොකු පුරස්නයක් මතු වෙනවනෙ අපේ පත්තර කාරයන්ගෙ සිංහල දැනුම ගැන. මම මෙච්චරකල් උන්ව තමා ෆලෝ කළේ.. දැන් ඉතින් ඒකත් හබක්.. :D

      Delete
  18. සෙන්නා අයියා කාලෙකට පස්සේ,
    ගහලත් තියෙනවා,ගුටි කාලත් තියෙනවා.මම නම් ගහගන්න බය ඔය ඇදුම් ඉරෙන නිසා.නැතිනම් ඕනේ දෙයක්.

    ආ කෝ අර බෝතලේ කතාවේ ඉතුරු කොටස...?

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ නේන්නම් මලේ.. ලියන්න කෝ ඉතින් හරි හමන් වෙලාවක්..

      බෝතලේ කතාවෙ මොනවා ලියන්නද කියලා මම මේ පහුනු ටිකේ කල්පනා කළේ..... ෆික්ශන් තමා කරන්න වෙන්නෙ...

      Delete
  19. මෙව්වට ඉතින් අපි මක් කියන්නද ..අපි නැහැනේ ඔය වැලි වලට ..:D

    ReplyDelete
    Replies
    1. ගෑණු ළමයි කෙහෙවලු පටලව ගත්තම ඔයිට හපන්.. :D

      Delete
  20. මේ අමතක නොවෙන පාඩමක් මතක් කරනවා... :D

    ඉක්කා වැටෙනකොට නහය වහගෙන කටින් හුස්ම ගත්තාම හරියනවා. කීවේ දොස්තර කෙනෙක්.
    සටනකට නොගියත් සතුරා ගැන අවධානයෙන් ඉන්න එක වැදගත්. :)

    ReplyDelete
    Replies
    1. එහෙමද ? ඕස්ට්‍රේලියාවෙ හිටියට පොඩ්ඩි 100% ශ්‍රී ලාංකිකකයි නේද ? ඒකනෙ ඔය මතක නැත්තෙ..

      ටිකක් වෙලා හුස්ම අල්ලන් හිටියමත් ඉක්කා නතර වෙනවා.. හැබැයි අර ක්‍රමේනම් අත්දුටුවයි, ප්‍රත්‍යක්ශයි.

      ඔව් ඒක හරි... සතුරෙක් අති නොකරගෙන ඉන්න පුළුවන්නම් ඊට වඩා වැදගත්.

      Delete
  21. බලාගෙන ගියාම මේ ටියුසන් කඩ වල වෙන්නේම නරක වැඩනේ. අහු වුනා නම් හෙම කුඩු කරලා යවන්නේ. හික්ස්...

    මේ ඒක නෙමෙයි කුරුන්ඳ කියන්නේ කුරුඳු වත්ත කියන එකටද? අර ප්‍රසිද්ද එකද මම කීවේ අර ශයාම් සෙල්වදුරෙයි එහෙම කියන එකද?

    ReplyDelete
    Replies
    1. බුදු සන්තෝ ඔයාගෙ නම මොකක්ද මෙයා ? :D

      කුරුන්ද කියන්නෙ, කුරුඳු වත්තට තමා. කවුද ශයම් සෙල්වදුරෙයි කියන්නෙ ? මම නම් අහලවත් නෑ..

      Delete
    2. oh my goodness i m talking about famous author who wrote the cinnamon garden. he is sri lankan born canadaian . and our all time famous author. just google it. he wrote few books like swimming in the monsoon sea, cinnamon garden, funny boy and few more.

      Delete
    3. මේකිගේ නම රංගි නොහොත් බූරු බබා. උඹ ඔය කෑල්ල "Google Translator" එකේ Italian to English වලින් ගහලා බලාපංකො. පිස්සු කෝච්චියක්.

      උඹේ කතාව කියවද්දි මට මම ලියපු බුලී කතාව 73. 'අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!!' මතක් වෙන එක නතරකරගන්නම බැරි වුනා.



      මගේ ජිවිතෙත් ද්වන්ද්ව සටන්වලින් පිරිලා. ගුටි කෑම් සහ ගුටි ඇනීම was a way of life.

      Delete
    4. රන්ගි නොහොත් බූරු බබා, මම ඒ ගැන දැනගෙන නොසිටීම පිළිබඳව ලැජ්ජා වෙනවා. ස්තූතියි කිව්වට.

      අඩේ ඩූඩේ, උඹ කොහෙද දැන් ඉන්නෙ ? ලංකාවෙද ? මටත් මේක ලියද්දි උඹේ හුළන් ගැහිල්ල තමා මතක් වුනේ.. :D

      Delete
    5. ශ්‍යාම් සෙල්වදුරෙයි, ජූලි කලබල කාලේ ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වෙච්ච රචකයෙක්. සුගතපාල ද සිල්වා "අමුතු ඉළන්දාරියා" කියලා පරිවර්තනය කරපු ඔහුගේ 'Funny Boy' නිසා තමයි මුලින්ම ඔහු ජනප්‍රිය වෙන්නේ. ඒ කතාව පදනම් වෙලා තියෙන්නේ ඔහුගේම ජීවිත කතාව මත. ඔහු ජූලි කලබල සම්බන්ධ සිදුවීම වගේම සමලිංගිකයෙක් වීම නිසා ඔහුට විඳින්න සිදුවෙන ඇත්දැකීම් අලලා තමයි මේක ලියවිලා තියෙන්නේ. මමත් ඔහුගේ අනිත් පොත් කියවලා නම් නෑ.

      Delete
  22. උඹේ විස්තරේ කියවද්දි මැවෙන්නෙ නිකං ටාර්සන් වානරයන් එක්ක ෆයිට් කිරිල්ල. කොහොම උනත් කෝර්සිකානු සහෝදරයන්ගෙ කාලෙ නං වලියෙන් පස්සෙ ආයෙත් කෙනෙක් එන්නෙ නෑ(හැබැයි කෝර්සිකානු සහෝදරය ආව). වලිය එතනින් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ටාර්සනුත් ඔය වගේ ගැටයක් හොයා ගන්නවනෙ වානරයන්ව මෙල්ල කරන්න. මතකද ?

      කොර්සිකානු සහෝදරයන්ගෙ කාලෙ සටනින් පස්සෙ ඉතින් ආයෙ එන්න හම්බෙන්නෑනෙ.. ටෝන් ගාල තිබ්බා. ඉවරයි. අර වගේ සහෝදරයෙක්ම ආවොත් තමා ඉතින්..

      Delete
  23. සෙන්නා මම අද තමයි ඔබේ බ්ලොගයට ආවේ. හොඳින් ලියලා තියෙනවා. මගේ හිතත් පාසල් කාළයට හා ගණිත පංතිවල ඉගෙනුම ලැබූ අන්දම සොයා ඉඟිළුනා. නැවත එන්නම්. ජය!!

    ReplyDelete
    Replies
    1. හොයාගෙනම ආවට ස්තූතියි චන්දන. ඔන්න ඔබේ බ්ලොග් එකත් මගේ බ්ලොග් රෝලට ඇඩ් කරගත්තා. නිතරම නොවුනත් හැකි සෑම විටම කියවන්න එන්නම්.

      Delete
  24. සන්ත දාන්ත තීන්ත කූඩුව වගේ හිටපු මාත් ගහගත්ත නමයෙදි කෙල්ලෙක් එක්ක... කොහොමහරි ඉවර වෙනකොට මගේ කකුලෙ පුංචි ඇඟිල්ල කැඩිල පුටුවක වැදිලා.. අනිත් එකාගේ තොල පැලිල... අනේ කිසි කේස් එකක් නෑ... ෂේප් එකේ ගෙදර ගිහින් තෙල් ගාව ගත්ත අම්මට කියල... උෟ නං මාත් එක්ක වෛර බැඳගත්තද කොහෙද.. මට නං ඕවා ගානක් තිබ්බෙ නෑ.. අන්තිමට මොකද උනේ කියලවත් මතක නෑ... ඊළඟ අවුරුද්දෙ ඒකා ඉස්කෝලෙන් අස් උනාද කොහෙද... මට ඒකවත් මතක නෑ.. හි හි

    ReplyDelete
    Replies
    1. උඹත් ලේසි නෑ බලන් ගියාම... :D

      Delete
  25. සෙන්නා හැපි ඇනිවසරි ඇන්ඩ් බ්ලොගවසරි.. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහ බොහොම සතුටුයි හරී.

      Delete
  26. සෙන්නා ඒ දවස් වල චන්ඩියා වගේ..:D

    උබේ කමල් සර්ගේ කථාව කියවනකොට මටත් ඉස්කෝලෙ මතක් වුණා. අපෙත් ඉස්කෝලෙ, A/L පංති වලට ඉංග්‍රීසි උගන්නපු සිරා භාණ්ඩයක් හිටියා. ඉගැන්නුවා කීවට සර් ඉස්කෝලෙ නම් ඉංග්‍රීසි පීරියඩ් එකේ කොල්ලොත් එක්ක පිස්සු කෙලින එකලු කරන්නේ (සර් commerce section එකේ පංති වල උගන්නපු හන්දා අපිට නම් චාන්ස් එකක් ඇවිල්ලා නැහැ සර්ගෙන් ඉස්කෝලෙදී ඉගෙන ගන්න). සර් ඉතිං උගන්නන්න ආවත් කොල්ලො ටික සර්ව රවුමේ අරන් යනවා ඔය මොනවා හරි බයිලා කිය කියා. ඉංග්‍රීසි විෂයක් විදිහට නිර්දේශයේ තිබුණත් A/L exam එකට නොඑන නිසා කාගෙවත් උනන්දුවකුත් නැහැ ඉස්කෝලේදී කඩ්ඩ ඉගෙන ගන්න.

    සර් ගෙදර නියම ඉංග්‍රීසි අධ්‍යාපන කඩයක් (පංති ගාස්තු ගත්තට මුදල් බලාගෙනම නොවේ) පවත්වාගෙන ගියා. මටත් ඔය පන්තියට යන්න චාන්ස් එකක් ලැබුණ. සුපුරුදු ලෙසින්ම විහිළු.... බයිලා... වගේම අමු තිත්ත කථාත් එලෙසින්ම (ගැහැණු / පිරිමි කොයි කවුරු ඉස්සරහා වුණත්) බ්රේක් නැතිව අත ඇරියාට මොකද, උගන්නන එක නියමෙට කලා. සර් මාර සේවයක් තමා නුවර හා අවට හිටිය ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන අයට ඉටු කලේ. ලොකු demand එකක් තිබුණට සර් වරකට පංතියකට ගත්තේ සීමිත සංඛ්‍යාවක්. ඒ උගන්වන වෙලාවේදී එකම ප්‍රමාණයකට කවුරුත් පාඩමට සහභාගී කර ගන්න පුලුවන් වන විදිහට.

    ඔය පංතියට යන්න ඕනෑ අයට, class එකේ තිබුණු cr පොතක address එක ලියලා යන්න කියනවා. අලුත් පංතියක් පටන් ගන්නකොට පෝස්ට් කාර්ඩ් එකක් එවනවා waiting list එකේ පිලිවෙලට (කිසිම තේරිමකින් තොරව first come - first served). හැබැයි campus select වෙලා ඉන්න අයට අර waiting list එකට පිටින් ඊළඟට පටන් ගන්න පංතියට අනිවාර්යයෙන්ම බාර ගන්නවා.ඉතින් නුවර අවට සිටී කැම්පස් සිලෙක්ට් වෙලා හිටපු බොහොමයක් දෙනා කැම්පස් එකේ කඩු කෝස් එකට කලින් සර්ගේ කෝස් එක හදාරලා තමා යන්නේ. ඔය නිසාම සර්ගේ ක්ලාස් එක "දොල කැම්පස්" කියලත් හැඳින්වුවා.

    ReplyDelete
    Replies
    1. හහ් ඉස්සර මොකෝ දැනුත් එහෙම තමා. ඊයෙත් ගැහුවා දොළහකට තනියම. (මැස්සෝ.) :D

      ඔහොම ගුරුවරු ඉන්නවා බන හැන්ගිලා. පෝස්ටර් නොගැහුවට දන්න අය අතර ඒ අය ප්‍රසිද්ධිඅයි.. මේ කියන සරුත් හොඳ වැඩ කාරයා. හැබැයි සල්ලි පස්සෙ පන්නනවා වැඩියි.

      Delete
  27. ඉවසීම ප්‍රගුණ කරලා තියන හින්දා ගහ ගන්න තරම්ම දුරදිග ගිහිල්ලා නෑ, හැබැයි කටින් නම් ගිහිල්ලා තියනවා.

    ගණන් සර් ගේ මරුම ක්‍රම තමා තිබිලා තියෙන්නේ.

    ඒ වගේම 8 ටත්, 2 ටත් හදවතින්ම සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. කටින් ගහ ගන්න එක තමා දැන් ජනප්‍රියම ක්‍රමය.. ලෝක දේශපාලනයේ දළ කාරයොත් එහෙමනෙ කරන්නෙ. ගහනවා ගහනවා කිව්වට ගහන්නෑ.

      ස්තූතියි සහෝදර තුමා. අටයි, දෙකයි දෙකම මතක වුනාට. මෙදා සෑරේ පෝස්ට් එකක් ඒ ගැන දාන්නත් හදලා ආයෙ නිකන් හිටියා මොකටද කියලා. දෙන්නෙක්ට හරි මතක් වෙච්ච එක ගැන බොහොම සතුටුයි..

      Delete
  28. අර ඉක්කාවට දීපු බෙහෙතනම් ටක්කෙට හරි. මට මතකයි ඉක්කා ගහ ගහ හිටපු මගේ යාලුවෙක් ගාවට ලොකු අක්කා කෙනෙක් ඇවිත් එයා කාගේද දෙයක් හොරෙන් ගත්තා නේද කියලා අහපු හැටි. ඒකට බය උනා විතරයි ඉක්කාව කොහේ ගියාද නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි ඒක ටක්කෙටම හරියන බේතක්. මම ඔය පන්තියෙදිම දෙතුන් පාරක් අත්වින්දා ඒක.

      Delete
  29. සික්! මුං මහ කසරානියොනෙ අප්පා බලාගෙන යනකොට.. ගහගන්ටයි, මරාගන්ටයි.. ;)

    ReplyDelete
    Replies
    1. ඔය කියන විදිහෙන්ම මට හිතා ගත්තෑකි බූරා කියන්නෙ ඒ කාලෙ වටේටම නෙලපු චන්ඩියෙක් කියලා... :D

      Delete
    2. අනේ නෑ බං.. සිරාවටම මම බොහොම සාමකාමී දරුවෙක්.. ජීවිතේටම හිතේ කේන්තියෙන් අත උස්සලා තියෙන්නෙ දෙපාරයි.. හතේ පන්තියෙදි යාළුවෙක් එක්ක කතාවක් ඇතිවෙලා ඌට දුන්නා ෆ්ලයින් කික් එකක්.. එදායින් පස්සෙ කට්ටිය මට වැඩිය සද්ද දාන්ට ආවෙ නෑ, මොකද උං හිතුවෙ මම මාර්ෂල් ආර්ට්ස් දන්නවා කියලා.. අර යාළුවනං තාමත් එදා වගේම යාළුයි, තාමත් ඉඳහිට අපි සෙට්වෙනවා..

      ආ! තව ඒ කාලෙ තිබ්බනෙ අන්තර්-පාඨශාලීය වලි.. ඒවටනං ඉතිං එහෙන්-මෙහෙන් දායක වුනා.. මක්කටැයි බොරු කියන්නෙ.. :D

      Delete
    3. ඈ බොලන් ... උඹලෑ ඉස්කෝලෙ අන්තර්-පඨශාලීය වලි වලට යැව්වෙ සාමාකාමි දරුවන්වද ? අපේනම් ගිය ඇටුවම් බැහැපු මැරෑටියො.

      Delete
  30. අම්මෝ සෙන්නා මමත් ද්වන්ධ සටන් දෙකකට යොමුවෙලා තියෙනවා ඉස්කෝලේ කාලේ....දෙකම අමරණීයයි හේතු දෙකක් නිසා..

    එකක් තමයි මාත් එක්ක ගහ ගත්ත සඳුන් ගුණසේකර කියන මගේ මිත්‍රයා....ඒ නිර්භීත නාවුක නිලධාරියා, ක්ලැන්සි ප්‍රනාන්දු නාවික හමුදාපති තුමා සමග කොටි බෝම්බයකින් කොළඹදී මිය ගියා...මම සඳුන්ගෙන් කෑවා අම්බානක...ඔහු දක්ෂ කරාටි ක්‍රීඩකයෙක්.

    අනිත් එක...වෙන ඉස්කෝලෙක එකෙක් එක්ක .සටනින් මම දිණුම්. පොර ගහපු පාරකට මගේ හක්කේ දතක කෑල්ලක් කැඩිලා ගියා. කොච්චර පාර සැර ඇද්ද හක්කේ දතක කෑල්ලක් කැඩෙන්න. තාම ඒ දත එහෙමම තියෙනවා. යාළුකමත් තාම තියෙනවා...ඒ අපි එක කිට්ටුව හිටපු අය නිසා....

    කමල් සර් ඉස්කෝලෙත් ඔහොම ඉගැන්නුවා නම් කොච්චර හොඳයිද?

    ReplyDelete
    Replies
    1. යාළුකම ඉතිරි වෙලා තියන එක තමා වැදගත් අරූ.

      ඒකනෙ එහෙම කළානම් සල්ලි නැති ළමයිනුත් කිසිම අපහසුවකින් තොරව ඉගන ගන්නවානෙ. ඒත් අවාසනාවකට වගේ එහෙම උනේ නෑ.

      Delete
  31. මාත් දැන් කලාතුරකින් තමා බ්ලොග් පොස්ට් එකක් දාන්නෙ. ඔන්ලයින් එන්නත් වැඩිය ඉඩක් නෑ. ඔබේ කතාව ජීවමානව රස වින්දා. රංග ලඟට ලඟට එන එක මැවිල පෙනුනා. ගහ ගන්න chalenge කරන කොට බය හිතෙන්නෙ නැද්ද?

    පොඩි කාලෙ හයේ පන්තියෙදි මට ගෑනු ලමයෙක් ගහගන්න එන්න කියල පහුවෙනිද මම ඉස්කෝලෙ ගියෙ නෑ.

    බ්ලොග් එක ලියන්න අවිවේක ඇයි?

    ReplyDelete
    Replies
    1. අපෝ බයයි බයයි.. ඒත් බයයි කියලා ප්‍රසිද්දියේ පිළිගන්න ලැජ්ජයිනෙ. ගහගෙන ගුටි කන එක ඊට වැඩිය නම්බුයි..

      මමත් ඔහොම මග හැරීම් කරලා තියනවා.

      වෙලා නෑනෙ දැන්.. ගෙදර ගිහින් මේකෙ එල්ලිලා ඉන්න බෑනෙ..

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog